Latestදේශීය

නාමල් හඬමින් ප්‍රභලයෙක් අමතා බේරාගන්න කියලා

පසුගිය අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හඬමින් තමන්ට දුරකථනයෙන් ඇමතූ බව ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.

අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් වැටලූ අවස්ථාවේ තමන් බේරාගන්නැයි ඉල්ලමින් නාමල් රාජපක්ෂ මහතා එසේ තමන්ට ඇමතූ බවත් ඒ සමගම හමුදාපතිවරයාටද අමතා ඇති බවත් ඇමතිවරයා පැවසීය.

එදා තත්වය අමතක කර අද නාමල් රාජපක්ෂ මහතා පුරසාරම් දොඩමින් ජනාධිපති ධුරයත් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

අද වන විට ජනතාව තම කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වටා එකතු වී ඇතැයිද පැවසූ ඔහු දුෂ්කර අවස්ථාවේ ඉදිරියට පැමිණ තමන් රැක ගත් නායකයාට කෘතවේදීත්වය පුද කිරීමට ජනතාව පෙළ ගැසී සිටින බවද පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *