Latestදේශීය

කෝටි 15ක රත්තරන් රේගුවේ

(ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝග්රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු රේගු පරිශ්‍රය පසු කර කටුනායක  ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි , නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි .

මොහු ඊයේ (07 ) උදෑසන 09.20 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු ගුවන් තොටුපළ තුළ සිදු කෙරෙන සියලු පරීක්ෂණ නිමවා , රේගු පරිශ්‍රයෙන් ද පිටතට පැමිණ , ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම ගුවන් මගියා තම ඉන ප්‍රදේශයේ පාර්සල් 08 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබූ මෙම රත්තරන් තොගය  ,  කිලෝ  04 යි ග්රැම් 400 ක් බර  රන් බිස්කට් 42 ක් සහ භාගයක රන් බිස්කට්ටුවකින් ද  , කිලෝ ග්රැම් 02 යි ග්රැම් 600 ක් බර ස්වර්ණාභරණ තොගයකින් ද සමන්විතව තිබූ බව සදහන් වේ .

මේ වනවිට මෙම රත්තරන් තොගය සහ මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගියා ද , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?