Latestදේශීය

කල්කුඩා පොලිස් ගොඩනැලිල්ල විවෘත කරයි

මඩකලපුව කොට්ඨාසයේ කල්කුඩා පොලිසියේ නව ගොඩනැගිලි සංකීර්ණය පසුගියදා (05) විවෘත කෙරිණි. ඒ වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්‌ රොහණ මහතා, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත්‌ විශාන්ත මහතා, ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර මහතා, අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේසිරි මහතා, මඩකලපුව පොලිස්‌ කොට්ඨාසය භාර ජ්‍යෞෂ්ඨ පොලිස්‌ අධිකාරී අමල්‌ එදිරිමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්‌ රැසක්‌ද සහභාගී වුහ.

රුපියල්‌ කෝටි 04 කට ආසන්න මුදලක්‌ මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කර ඇත.

ප්‍රමාණවත්‌ ඉඩ පහසුකම්‌ නොමැතිව විවිධ දුෂ්කරතාවයන්‌ සහ අභියෝග මධ්‍යයේ සිටින සංචාරකයින්ට සහ ප්‍රදේශවාසීන්ට විශාල සේවාවක්‌ ඉටුකරමින්‌ තිබූ කල්කුඩා පොලිස්‌ ස්ථානය නව මුහුණුවරකින්‌ විවෘත කිරිමෙන් ඉහළ ගුණාත්මක බවකින්‌ යුත්‌ සේවාවක්‌ සැලසීමට හැකියාව ලැබෙනු ඇති බව පොලිස් මුලස්ථානය පෙන්වා දෙයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත නැගෙනහිර පළාත භාර ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්‌ රෝහණ මහතා විසින්‌ සමරු ඵලකයන්‌ පිළිගන්වනු ලැබූ අතර, සංකේතාත්මකව වැඩබලන පොලිස්පතිවරයා විසින්‌ පොලිස්‌ ස්ථාන භූමියේ රුක්‌ රෝපණයක්ද සිදු කරන ලදී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *