Latestදේශීය

එදා අලි සබ්‍රි සහ අද අලි සබ්‍රි – එතකොට කවුද හරි සබ්‍රි ?

ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා ලෙසින් සිටීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ධුරයට පත්වූ පසු අධිකරණ ඇමති ධුරයෙන් පිදුම්ලත් අලි සබ්‍රි වැදගත් කරුණු රැසක් හෙළිකර තිබේ.

ඊයේ (13) පළ කරන ලද මව්බිම පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ෆේල් බව ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කර ගත් පසුව ඔහුගේ සමීපතමයෙකු ලෙස ද අලි සබ්‍රි ක්‍රියා කළේය. එම පුවත්පත් සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ සමඟ ගෝඨභය රාජපක්ෂ සසඳමින් විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ හට පුළුල් අවබෝධයක් ඇති බව ය.

එමෙන් ම, කොරෝනා වසංගතයෙන් මියගිය මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කිරිම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට ඔහු ලබා දී තිබෙන පිළිතුර “හැබැයි ඒ වෙලාවේ ගෝඨාභය ගත්තේ වැරදි තීන්දුවක්. මම හිතනවා ජනාධිපතිවරයාට තිබුණේ විශේෂඥ කමිටු තීරණය අභිබවා ගිහින් භූමදානය කරන්න ඉඩ දෙන්න. මොකද, ලෝකයේ කිසිම රටක කරන්නැති කොට මොකටද ලංකාවේ විතරක් ආදාහනය කළේ?“ යනුවෙනි.

එමෙන් ම, විදේශ තානාපති සේවය සඳහා දේශපාලකයන්ගේ ඥාතීන් සහ හිතවතුන් පත් කිරීමේ වගකීම ද ඔහු ගෝඨාභය රාජපක්ෂ වෙත පවරා තිබිණි. “මගේ කාලය තුළදී මම නම් කිසිම පුද්ගලයෙක් පත් කරලා නෑ. ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය හරහායි පත් කිරීම් කරන්නේ. සේවයේ අය විතරයි මන් පත් කළේ. ඒ නිසා සුදුසුකම් නැති අයව මම පත් කිරීම් කර නැහැ“ යනුවෙන් පිළිතුරු දී තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *