Latestදේශීය

ATA ගැන අලි සබ්‍රි කතා කරයි

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත සමහර වගන්ති සම්බන්ධයෙන් තමා එකඟ නොවන බවත් එම කොටස් හේතුවෙන් බරපතළ තත්වයක් හට ගත හැකි බවත් විදේශ කටයුතු ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසයි.

මෙම පනත් කෙටුම්පත මගින් අවසර දී ඇති සමහර කරුණු අවභාවිත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් එයට කිසි විටෙක ඉඩ නොතැබිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා තමන් එකඟ නොවන බව කැබිනට් සාකච්ඡාවේදීද පැවැසූ බව ඔහු සඳහන් කරයි.

පොලිසියේ DIG කෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කරන්න ත්‍රස්ත විරෝධී පනත මගින් අවසර දීම සම්බන්ධයෙන් තමා එකඟ නොවන බවත් එවැනි අවස්ථාවක් කිසිදු ආකාරයකින් නිර්මාණය වන්නට ඉඩ දිය නොහැකි බවත් ඔහු පවසයි.

එවැනි බලතලයක් අමාත්‍යවරයකු යටතේ හෝ එසේත් නැත්නම් අවම වශයෙන් ආරක්‍ෂක ලේකම් යටතේ පැවතිය යුතු බවද ඔහු සඳහන් කරයි.

ත්‍රස්තවාදී අවස්ථාවක පමණක් යොදාගත හැකි පනතක් ලෙස මෙය ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොමැතිව රටේ සාමාන්‍ය නීතිය ලෙස යොදා ගැනීමට මෙමගින් අවස්ථාව ලබා නොදිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?