Latestදේශීය

පොහොට්ටු මඩ බලකායේ හරිගුප්තා, උසාවියේදී හමුවෙමු – සජිත් ප්‍රේමදාස

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ දිනයේ සිට⁣ බොරුව මිත්‍යාව අසත්‍ය පදනම් කර ගෙන තමාගේ චරිකය ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් වූ බවත් ඒ යටතේ සංස්කෘතික අරමුදලේ මුදල් ගසා කැවා යයි පවසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට පත් කළ හරිගුප්තා රෝහණධීර යන අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවතකු මෙන්ම නීති උපදේශක ලෙසත් 2010 දී පො.ජ.පෙරමුණෙන් මහා මැතිවරණ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වූ අයකු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම හරිගුප්තා රෝහණදීර ඇතුළු පිරිස විසින් කරන ලද වාර්තාව තුළ ඇති ව්‍යාජ තීන්දු උපයෝගී කර ගෙන මඩ ව්‍යාපාරයක් ගෙන ගොස් අල්ලස් කොමිසමට පවා මේ සම්බන්ධයෙන් පැමිණිලි කළත් අල්ලස් කොමිසම පවා කියා ඇත්තේ නඩු කටයුත්තක් ගෙන යාමට සුදුසු කරුණු නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සංස්කෘතික කටයුතු අරමුදලේ වංචා සම්බන්ධයෙන් රජය ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට අදාළ සාක්ෂි මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

මේ සියලු උප්පරවැට්ටි හරි නොගිය නිසා, COPE කමිටුව හා කැබිනට්ටුවේ එකඟතාව පරිදි සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව සොයන්න විශ්‍රාමික විනිසුරු වසන්ත ජිනදාස මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර වාර්තාවක් සකස් කළත් එම වාර්තාවල පැහැදිලිවම වංචාවක් සිදු නොවුනු බවත් ප්‍රසම්පාදන ක්‍රමවේද පවා අනුගමනය කර ඇති බවට සටහන් වී ඇති නිසා එම වාර්තාවේ පිටපත් ප්‍රසිද්ධ නොකරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එවකට සංස්කෘතික අරමුදලෙන් කරන ලද ඉදිකිරීම් සියල්ල රජයේ ඉදිකිරීම් ආයතන හරහා සිදුකළ බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයෙන් දින 10ක් තුළ නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශය සහ සංස්කෘතික අරමුදල සිදු කරමින් පැවති බෞද්ධ විහාරස්ථානය සංවර්ධනය පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථානය සංවර්ධනය ඇතුළු බිලියන 3.2කට ආසන්න සියලු සංවර්ධන කටයුතු නතර කිරීමට එවක ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ය.

මෙවැනි දත්ත සහ රාජ්‍ය ලේඛන තිබියදී තවත් මඩ ගහන්න අරමුණු කර ගෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විගණණය සමිබන්ධ සුදුමුකම් නොමැති පොහොට්ටුවේ දේශපාලන හෙංචයියෙක් උපයෝගී කර ගෙන ව්‍යාජ විගණන වාර්තාවක් සකස් කළ බවත් මේ වාර්තාව සකස් කළ පුද්ගලයා පොහොට්ටුවට අනුබද්ධිත සේවක සංගමයක නිලධාරියකු බවත් ඔහුව මේ තනතුරට පත්කර වරප්‍රසාද ලබා දී ව්‍යාජ වාර්තාවක් සකස් කර නැවක වරක් මඩ ගහන්න කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාජ ලේඛනයක් විගණන වාර්තාවක් යැයි කියා කිසිම සුදුසුකමක් නැති පුද්ගලයකු ලවා සකස් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රජයේ සිළුමිණ පුවත්පත හරහා මඩ ගසමින් යන බවත් තමා කිසිම පුද්ගලයකුගෙන් පළි ගන්න නොගියත් මෙවැනි කුට ලේඛන සකස් කර අපහාස කිරිමේ චෝදනාවට නිත්යානුකූල පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?