Latestක්‍රීඩාදේශීය

තරගයේ ජය කොදෙව්වන්ට – තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (26) සමත් විය.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එක් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටිනවිට තරගයට වර්ශාවෙන් බාධා එල්ල විය

ඒ අනුව යළිත් පැය කිහිපයකට පසුව තරගය පන්දුවාර 23 කට සීමා කරමින් ආරම්භ වූ අතර සිය පන්දුවාර 23 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්‌තේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 195 කි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි කෙදෙව් කණ්ඩායම 22 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *