ඉන්දීය ශ්‍රී ලංකා ආතතියක් නිර්මාණය කරන තමිල්නාඩු මහඇමති
තමිල්නාඩුවේ ධීවරයින්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ නවතම සිදුවීම් දෙකක් පිළිබඳව තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ අවධානය යොමු කර තිබේ.
මේ සදහා කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක ලියමින් මිල්නාඩු මහ ඇමතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම් වාර ගණන වැඩි වීම ගැන ස්ටාලින් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, මේ හරහා ධීවරයින්ගේ ජීවනෝපාය කඩාකප්පල් වී ඔවුන්ගේ පවුල්වලට දැඩි දුෂ්කරතා ඇති වී ඇති බව සඳහන් කළේය.
“නොවැම්බර් 9 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාමේෂ්වරම් ප්‍රදේශයේ සිට යාන්ත්‍රික ධීවර බෝට්ටු දෙකක සහ ලියාපදිංචි නොකළ යාත්‍රාවක සිටි ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දින කිහිපයකට පසු, නොවැම්බර් 12 වන දින, ධීවරයින් 12 දෙනෙකු සමඟ නාගපට්නම් සිට තවත් බෝට්ටුවක් ද අත්අඩංගුවට ගන්නා ලදී,” ස්ටාලින් සිය ලිපියේ සදහන් කොට ඇත.
2024 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රඳවාගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සංඛ්‍යාව වසර හතකට පසු ඉහළම අගය බව මහ ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

