නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට
නිරෝධායන නීති රීතිවලට අවනත නොවීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 137ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (10) පමණක් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන ලදි.
කඳාන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙක් හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස්පති තුමා වැඩිදුරටත් සඳහන් කළේ වෛරසය ව්‍යාප්තිය වලක්වා ගැනීම සඳහා හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව එම නීතිරීතීන්ට අනුව වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
