විදේශීය

නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඇමරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඇමරිකාවට බලපා ඇති අධික හිම පතනය හේතුවෙනි.

මෙම දරුණු හිම කුණාටුව හේතුවෙන් නිව්යෝර්ක් සහ බොස්ටන් ඇතුළු ප්‍රධාන නගර රැසකට බලපෑම් සිදුව ඇති බව ද වාර්තා වේ.

අඟල් 12 ක පමණ හිම පතනයක් සමග දරුණු සුළං තත්ත්වයක් නිව්යෝර්ක් නගරයට බලපා ඇති අතර ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙනත් කරුණු සඳහා නගරය තුළ රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇතැම් අවස්ථාවන්වලදී පැයට කිලෝමීටර 80ක පමණ වේගයෙන් ද හිම සමග සුළං ඇතිවන බවද වාර්තා වේ.

මේ හේතුවෙන් සිය නිවෙස් තුළම රැඳීසිටින ලෙස බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *