දේශීය

අනවසරයෙන් ප්‍රවාහනය කළ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට

නාඋල ඇළහැර මාර්ගයේ බකමූණ ප්‍රදේශයෙදී බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් 4 දෙනෙකු සමග පුපුරණ ද්‍රව්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඇමෝනියා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 230ක්, වෝටර් ජෙල් ග්‍රෑම් 135ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 20ක්, ඩෙටනේටර් කැප් 14ක්, වයර් රෝල්, ගල් විදින යන්ත්‍රයක් සහ තවත් උපකරණ කිහිපයක් පොලිස් භාරයටගෙන ඇත.

සැකකරුවන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරන අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ආරමිභ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *