දේශීය

දෙසැම්බර් අග කොවිඩ් සුනාමියක් – රාජ්‍ය ඇමති චන්න ජයසුමන අනතුරු අඟවයි

එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යාමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එලෙස තුන්වන මාත්‍රාව ලබා ගැනීමකින් තොරව මහජනතාව ඒකරාශීව කටයුතු කළහොත් මෙම වසර අවසානයේ දී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ගෙවී ගිය සතිය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *