පාසැල් දරුවන්ගේ දිවා ආහාරය දෙගුණ කරනවා – සුසිල් ප්‍රේම්ජයන්ත්
පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන ඉදිරියේ දී දෙගුණයක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් , ඒ සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල පත්රිකාවක්ද යොමු කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීමේ වැඩසටහන යටතේ , පාසල් දරුවන් ලක්ෂ 11ට දිවා ආහාර ලබා දීමේ වැඩසටහනක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වේ. ඒ අනුව ඉදිරියේදී මෙම ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ පෝෂණ අංශය මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් මාසිකව දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වාර්තා ලබා ගනිමින් අධීක්ෂණය කරන බවද කීය.
රජය වාර්ෂිකව බිලියන 04ක මුදලක් පාසල් දරුවන්ගේ දිවා ආහාර වේල සඳහා වෙන් කරන අතර ,මීට අමතරව ලෝක ආහාර වැඩසටහන ඇතුළු විවිධ වැඩසටහන් හරහා ලැබෙන අරමුදල්ද මේ සඳහා යොදා ගෙන තිබේ.
පාසල් දරුවන්ගේ පාසල් උපකරණ වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම නිසා අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසිය.
විශ්ව විද්‍යාල දරුවන්ගේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ අගෝස්තු දක්වා වූ හිග මුදල් ගෙවූ බවත් මාස් පතා එම මුදල ක්‍රමානුකූලව ගෙවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

