Latestදේශීය

අදත් තද වැසි

අද දිනට නියමිත කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව සදහන්.
දිවයිනට ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කරන බැවින් උතුරු,උතුරු මැද සහ වයඹ පළාත් වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති ඇති විය හැකි බවයි එම නිවේදනයේ දක්වා තිබෙන්නේ.

උතුරු ,උතුරු මැද,වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් හතළිහත් පනහත් අතර පමණ තද සුළං ද ඇතිවිය හැකි බව එම නිවේදනය කර වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *