නීතීවිරෝධීව ඕමානයට කාන්තාවන් යැවීමට උත්සාහ කළ කතක් අත්අඩංගුවට
ඕමාන් රටේ රැකියාවක් සඳහා සංචාරක වීසා මගින් කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් යැවීමට උත්සාහ කළ, කොළඹ 02, ගැලනි පැසේජ් ප්‍රදේශයේ පදිංචි කාසිම් සීනතුල් නිසා නම් කාන්තාවක්, කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොල කාර්යාංශ නිළධාරීන් විසින් 04 දින අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධි අයුරින් සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුකිරීමට උත්සාහ කිරිම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය 2023.07.06 දින මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලදී. වැඩිදුර නඩු විභාගය 2024.02.23 දින කැඳවීමට නියමිතය.මෙයට අමතරව කෑගල්ල ප්‍රදේශයේ සෙරන්ඩිබ් නමින් පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ආයතනයක නියෝජිතවරියක්ද ඕමාන් රටේ රැකියා ලබාදීමේ අරමුණෙන් මුදල් වංචා කර තැනැත්තන් රවටා ඇති අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මෙම කාන්තාව ඊයේ දින (2023.07.05) මාලඹේදී අත්අඩංගුවට ගෙන ඇත.මෙම තැනැත්තිය විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 2ක මුදලක් වංචාකර ඇති බවට කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ නිළධාරීන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා කාර්යාංශයේ නිළධාරීන් වන රවීන්ද්‍ර අබේපාල, ඉදුනිල් පුෂ්පකුමාර, අචිනි නිරාශා යන නිළධාරීන් එක්විය.විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

