Latestදේශීය

තවත් පාසැල් සිසුවියක් දිවි නසාගනී

දූෂණයට ලක්වූ 16 හැවිරිදි වියේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් ඛේදනීය පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි.

ඇය මෙලොව ඉපදීමට පෙර ඇයගේ පියා මව අතහැර දමා ගොස් ඇත.

මීට වසරකට පෙර ඇය ළඟ සිටිය යුතුම කාලයේ ඇයගේ මවද විදෙස්ගතවී තිබේ.

පොලීසිය පවසන්නේ අනතුරුව ඇය සිය 70 හැවිරිදි වියේ පසුවන මිත්තණිය සෙවණේ සිට ඇති බවය.

මීට සතියකට පමණ පෙර ඇයගේ 20 හැවිරිදි පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව බදුල්ල සරුංගල් කන්ද වෙත රැගෙන ගොස් තිබේ.

එදින ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පිටව ගොස් තිබේ.

එහිදී මෙම අපරාධය සිදුවූ බව ඇය සිය මිතුරියකට යොමුකර තිබූ කෙටි පණිවුඩයකින් හෙළිවී ඇත.

පසුව නිවසට පැමිණි මෙම පාසල් දැරිය සිය මිත්තණිය ලබාගත් ඖෂධ පෙති පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගී වීමත් සමග බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.

තමන් පෙම්වතා අතින් දූෂණයට ලක්වූ බවත් ඒ හේතුවෙන් මෙම පෙති පානය කර බවත් ඇය මිතුරිය වෙත යැවූ කෙටි පණිවුඩයේ සටහන්ව ඇති බව වාර්තාවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ පෙම්වතා ඊයේ (06) බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *