සුසිතගේ ඝාතනය ගැන අතුලගෙන් ප්‍රශ්ණ කරයි
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු තම පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට ගිය සුසිත ජයවංශගේ ඝාතනය සම්බන්ධයෙන් වයඹ පළාත්තේ හිටපු මහ ඇමති අතුළ විජේසිංහගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
මෙම තරුණයා සිය පෙම්වතියගේ නිවසට ගිය පසු අතුරුදහන් වූ අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර පසුව (07) වාර්තා වූයේ එම තරුණයාගේ බවට හඳුනා ගත් මල සිරුර මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබී සොයා ගෙන ඇති බවය.
මෙම තරුණයා අතුරුදහන් වී දින කිහිපයකට පසුව පොලිස් විමර්ශන කණ්ඩායම්වලට අනාවරණය වී තිබුණේ සුසිත්ගේ අත් පා බැඳ මෝටර් රථයක නංවා ගෙන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට රැගෙන ගොස් ඇති බවය. එම තොරතුර මත පොලිසිය තව දුරටත් පරීක්ෂණ මෙහෙයවා ඇති අතර පසුව තහවුරු වී ඇත්තේ මෙම අතුරුදන් වීමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා වන පෙම්වතියගේ පියා සුසිත් ජයවංශ පැහැර ගැනීමට පෙර දින හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවය.
ඒ අනුව වයඹ පළාත් හිටපු ප්‍රධාන ඇමති අතුල විජේසිංහගෙන් පැය තුනකට අධික කාලයක් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. එහිදී හිටපු මහ ඇමති අතුල විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ සැකකරු ඔහුගේ දියණියගේ ගැටලුව සම්බන්ධයෙන් තමාගෙන් උපදෙස් ඉල්ලා සිටි බවත් මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්නා ලෙස තමා දැනුම් දුන් බවත්ය.
මෙහි ප්‍රධාන සැකරු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි ප්‍රධාන සැකකරු වන සුජිත් ප්‍රනාන්දු නැමැත්තා රුපියල් ලක්ෂ 05 බැගින් (06) ශරීර ඇප දෙකක් මත කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් විසින් මුදා හැර තිබිණි.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

