රනිල්ගේ ප්‍රචාරණයට ඇමරිකානු සමාගමක්
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මේ වනවිටත් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබුණ ද තවත් ආරම්භයක් ලෙස ජූනි 16 වෙනි දින මාතරින් නැවත ආරම්භයක් ගැනීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
මේ වෙනුවෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා සහ ඇමති කංචන විජේසේකර මූලික වී ක්‍රියා කරන අතර මේ වනවිට අප්‍රකට තුන්වැන්නෙක් ද ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන බව හෙළිවේ. එම අප්‍රකට තුන් වැන්නා රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු පවරා දී තිබෙන මේ දක්වා නම හෙළි නොවූ ඇමරිකානු ප්‍රචාරක ආයතනය බව වැඩි දුරටත් හෙළිවේ. අදාළ ඇමරිකානු ආයතනය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රචාරක කටයුතු මෙහෙයවන ආයතනය බව ඇතැම් වාර්තාවල දැක්වේ.
මෙයට පෙපෙඅකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේදී ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කළ අතර සාගල කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් මෙන් ම රවී කරුණනායකගේ ප්‍රමුකත්වයෙන් ද අවස්ථා කිහිපයකදී ආරම්භ කළ ප්‍රචාරක ව්‍යාපාර ලත් තැනම ලොප් විය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

