Latestදේශීය

සජිත් හැරයන්න පක්ෂ දෙකක් තීරණය කරයි?

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අත්තනෝමතික ක්‍රියා කළාපයන් නිසා හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් හමුවේ දේශපාලන පක්ෂ දෙකක් ඉවත්ව යාමට කල් බලමින් සිටින බව වාර්තා වේ.

රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එසේ ඉවත්ව යාමට කල්යල් බලමින් සිටින බව හෙළිවේ. මැයි දින රැලියේදී සමගි ජන බලවේගය ප්‍රචාරය කරන තරම් සාර්ථකත්වයක් පෙන්වීමට අසමත්වීම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායකයින් මතබේදයක පසුවන බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස තම ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම එකම අරමුණ කර ගෙන ප්‍රචාරක කටයුතු කරනවා මිස සමගි ජන බලවේගය සහ “සමගි ජනබල සන්ධානය“ වශයෙන් සාමුහික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු නොවන බවට ද දැඩි විවේචන එම පක්ෂ දෙකෙන් යොමුකර තිබේ.

තම පියාගේ අඩිපාරේ යන බව පුන පුනා සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ ද රණසිංහ ප්‍රේමදාස සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ගොඩ නැගී තිබුණේ ද “වන් මෑන් ශෝ“ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචනයකි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?