Latestදේශීය

එමිල් රංජන් ළමාහේවා නිදහස්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිලිගනිමින් ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙංගප්පූලි, ශිරාන් ගුණරත්න, එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2012 වසරේ නොවැම්බර් මස 9 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් පිරිසක් මරාදැමීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

එම චෝදනා විභාග කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්, එහි විත්තිකරුවකු වශයෙන් නම්කර තිබූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.

සෙසු විත්තිකරු ලෙස නම් සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

තමන්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා විත්තිකාර ළමාහේවා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ඇපෑල ඉදිරිපත් කර තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *