Latestදේශීය

ඡන්දෙට පාසල් නිවාඩුව මෙහෙමයි

අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති විශේෂ නිවේදනයට අනුව දිවයිනේ සියලු පාසල් 2024/09/20 සිට 2024/09/23 දක්වා වසා තැබෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අදාල කාලයේ වසා තැබීමට තීරණය කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින්, 

2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති  ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බව දන්වමි.

තව ද ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2024.09.19 දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු ය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇත.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *