Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාව ජයගනී

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි.

සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් වාර්තා කළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි.

ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.

ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි.

මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.

මෙය 2014 වසරට පසුව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 325 ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 263ක් රැස්කළේය.

නමුත් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ලැබූ සිව්වන ටෙස්ට් තරග ජයග්‍රහණයයි. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *