Latestදේශීය

කබ්රාල්ට අධිචෝදනා

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

ඔවුන්ට මෙලෙස චෝදනා එල්ල කර ඇත්තේ පසුගිය 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවේ මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙනි.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

අනතුරුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් නියෝග කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *