Latestක්‍රීඩාදේශීය

තීරණාත්මක තරගය අද

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පලමු තරඟය අද (25) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර තරඟය සවස 2.30 ට ආරම්භවීමට නියමිතයි.

පලමු වටයේදී ‘A’ කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහභාගී වූ තරඟ 3න් දෙකක් ජයග්‍රහණය කළ ප්‍රසාද ලකුණු 4ක් ලබා ‘A’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට නුවනිදු ප්‍රනාන්දු නායකත්වය ලබා දෙන අතර පාකිස්තාන කණ්ඩායම Mohammad Haris විසින් මෙහෙයවනු ලබනවා.

මෙම තරගය ඕමානයේ  Al Amerat ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *