ඇරඹුමම ගැටුමක් වෙලා
රංජන් රාමනායක නායකත්වය දරන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ අභ්‍යන්තර ගැටීම් පොලා පැන තිබේ.
අද (30) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වූ එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දී සිටින ප්‍රසන්න අධිකාරි ඇතුළු කිහිප දෙනෙක් එම ගැටීම් පිළිබඳ තොරතුරු හෙළි කළේය. එම පක්ෂයේ නායකයා රංජන් රාමනායක බවත්, ජාතික සංවිධායක තිලකරත්න දිල්ෂාන් බවත් ප්‍රකාශ කිරීම ව්‍යාජයක් බව එහිදී ඔහු සඳහන් කළේය.
මාධ්‍ය හමුව පවත්වා අවසන් වනවිට පැමිණි පිරිසක් විසින් ප්‍රසන්න අධිකාරිට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල කළ අතර ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

