Latestදේශීය

ජන ප්‍රතිරෝධය උද්ඝෝෂණයේ 06දෙනෙක් අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (03) පිටකොටුවේ පැවැත්වූ ජන ප්‍රතිරෝධය නම් වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීති විරෝධි රැස්වීමකට සහභාගිවීමේ චෝදනාව යටතේය.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතා පා ගමන බොරැල්ල කැම්බල් පිටිය අසලින් අද පස්වරුවේ ආරම්භ කළා.

එම පා ගමන බොරැල්ල මංසන්ධියෙන්, මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණි අතර එහිදී පිරිස විරෝධතාවක් පවත්වන්නට වුණා.

මෙම විරෝධතාවය රථවාහන පොලීසිය හා සාමකාමීව සම්බන්ධීකරණය කරමින් තදබදය අවම වන අයුරින් පැවැත්වූ බවත් විරෝධතාවය අවසන් වී නිවෙස් බලා යමින් සිටි සුජිත් කුරුවිට ඇතුළු 06 දෙනෙකු පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසූ පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, අත්අඩංගුවට ගත් අරගලකරුවන් බැලීමට හෝ ඔවුන්ට ආහාර ලබාදීමට හෝ අවස්ථාවක් නොදී සිටීමට තරම් ආන්ඩුවේ ඉහළ අනක් මත කොටුව පොලීසිය කටයූතු කරමින් සිටින බව වැඩිදුරටත් පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *