Latestදේශීය

අම්මයි දුවයි ගෙනා කෝටියක් ඉක්මවූ දුම්වැටි අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි රුපියල් එක්කෝටි දහහත් ලක්ෂ තිස්දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක ඉකුත් 09 දා රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අතරින් මව 61 හැවිරිදිය. ඇයගේ දියණිය 38 හැවිරිදිය.

මොවුන් දෙදෙනා පෙරේදා (09 දා) පස්වරු 05.00 ට පමණ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78,200ක් අඩංගු දුම්වැටි කාටූන් 391 ක් සඟවා ගෙන තිබී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් දෙදෙනා මේ වනවිට පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ දුම්වැටි තොගය අනිද්දා (13 දා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *