ආරුගම්බේ සැකකරු සහ ට්‍රම්ප් සිදුවීමේ සැකකරු එකයි
අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) චෝදනා ගොනු කර ඇති 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති ඉරාන ජාතිකයා ආරුගම්බේහිදී ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමටත් ඉරාන බලධාරීන් විසින් යොදවා සිටි අයකු බව අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයේ විප්ලවීය හමුදාවේ සාමාජිකයකු බවට අමෙරිකාව විසින් හඳුනා ගනු ලැබූ එම පුද්ගලයා මේ වන විටත්… ඉරානය තුළ සැඟවී සිටින බව ද අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔහු ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල සංචාරකයන් ඝාතනය කිරීමටත් උපදෙස් ලැබූ පුද්ගලයකු බව අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති අතර, පසුගිය ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කරමින් දැවැන්ත වෙඩි ප්‍රහාරයක් මෙහෙයවීමට ඉරාන විප්ලවීය හමුදාව එම පුද්ගලයා යොදවා සිටි බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

