Latestදේශීය

අජිත් නිවාඩ් කබ්රාල්ට මොකද වෙන්නේ

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධ තීන්දුවට එන්නේ මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 1843ක් ගෙවීමේ කොන්දේසිය මත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් පළවන විවිධ මාධ්‍ය වාර්තා ගැන මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

මේ ගැන කරුණු පැහැදිලි කල ඇමතිවරයා මෙසේද කීවේය.

‘මාස තුනක් ඇතුළත ගෙවන්න ඕන. ඒක නොගෙව්වොත් යළි නඩු පවරනව.ගෙව්වොත් මොකද වෙන්නේ කියන එක මම කියන්න ඕන නෑ මම හිතන්නේ. ඒක අල්ලස් කොමිසම විසින් තීන්දු කරයි ගෙව්වට පස්සේ. ඒ නිසා මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න. 2017 පවරපු නඩුවක් සම්බන්ධයෙන් තමයි මේ ක්‍රියාවලිය ඇවිත් තියෙන්නේ.

චූදිතයින් නීතිය හමුවට ගෙන ඒමට සහ අයථා ලෙස උපයා ගත් දේ අත්පත් කර ගැනීම සඳහා කළ හැකි සියලු දේවල් අපි කරනවා. ඒ ක්‍රියාවලියේ යම් යම් දෝෂ සහගත තැන් තිබේ නම් ඒවටත් උපක්‍රමශීලීව මැදිහත් වෙමින් ඒ කටයුතු කරන බව පමණක් මට මේ වෙලාවේ කියන්න පුළුවන්.”

මේ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්ම නිවේදනයක් නිකුත් කර ඇති බවද, දූෂණ විරෝධී පනත ප්‍රකාරව මේ කටයුතු සිදුවන බවද ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කීවේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *