ඇමරිකාව මැදපෙරදිග ඇමරිකානුවන්ට ඉවත් වන්න කියයි
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර තිබෙන යුද්ධය ඉදිරි සති 4ක් දක්වා පවත්වා ගෙන යාමට සිදු වනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නිවේදනය කිරීමත් සමඟ මැද පෙරදිග කලාපයේ රටවල් වලින් ඉවත් වෙන ලෙස ඇමරිකානු පුරවැසියන් වෙත දැනුම් දී තිබේ.
අද (03) උදෑසන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම ඉවත් වීමේ නිවේදනය නිකුත් කර ඇත. තම වැසියන්ට ඉවත් වන්නැයි නිකුත් කර ඇති නිවේදනයේ රටවල් ලැයිස්තුව මෙසේ ය. බහරේන්, ඊජිප්තුව, පලස්තීනය, ලෙබනනය, ඊශ්‍රායලය, ඉරානය, ඉරාකය, ජෝර්දානය, කුවේටය, ඕමාන්, කටාර්, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබිය යන රටවල්වලට අදාළව එම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයේ ඊශ්‍රායලය ද සඳහන් කර තිබීම විශේෂත්වයක් වන අතර, ඇමරිකානු ගුවන් හමුදාව හෝ සිවිල් ගුවන් යානා යොදවා එම රටවල්වල සිටින සිවිල් පුරවැසියන් ඉවත් කර ගන්නා බව සඳහන් කර නොමැතිවීම විශේෂත්වයකි. වොෂින්ටනයේ සියළු අරමුණු ඉටු කර ගන්නා තෙක් සටන් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

