Latestවිදේශීය

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමුවරට යුද හමුදාපතිධූරය කාන්තාවකට

ඔස්ට්‍රේ­ලි­යානු ඉති­හා­සයේ පළ­මු­ව­රට යුද හමු­දා­ප­ති­ ධු­ර­යට කාන්තා­වක් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 56 හැවි­රිදි ලුති­නන් ජෙනරාල් සූසන් කෝයිල් එරට නව හමු­දා­පති ලෙස ලබන ජූලි මාස­යේදී වැඩ ආරම්භ කිරී­මට නිය­මිත බව වාර්තා වේ.

වසර 1987 දී හමුදා සේව­යට එක්වී ඔස්ට්‍රේ­ලි­යානු ආර­ක්ෂක හමුදා ඇක­ඩ­මියේ නිල­ධා­රි­නි­යක ලෙස උපා­ධිය ලැබූ ඇය දශක තුන­කට වැඩි හමුදා අත්දැ­කීම් සහිත ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­නි­යක වන අතර, ඒකා­බද්ධ කාර්ය සාධක බළ­කායේ අණ­දෙන නිල­ධා­රි­නිය ලෙසත් කට­යුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙ­යුම් සඳහා සක්‍රිය දාය­ක­ත්වය ලබා දෙමින් ටිමෝ­රය, සොල­මන් දුපත සහ ඇෆ්ග­නි­ස්තා­නයේ යුද මෙහෙ­යු­ම්ව­ලට ද එක්වූ බව වාර්තා වේ.

දරු තිදෙ­න­කුගේ මවක වන සූසන් කෝයිල් අමෙ­රි­කානු හමුදා යුද විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­ධා­රි­නි­යක ද වන අතර, ඇගේ සැමියා ද හමුදා නිල­ධා­රි­යකු බව වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *