පකිස්ථානය සූදානම්
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා වන දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා පාකිස්තානය මේ වන විට සත්කාරකත්වය සැපයීමට සූදානම් වෙමින් සිටින බව එරට වාර්තා සදහන් කර තිබේ .
ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් අගනුවර ආරක්ෂාව දැඩි කර ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රමුඛ නියෝජිත පිරිසක් මේ සඳහා නම් කර ඇති අතර ඔවුන් අද(20) දින ඉස්ලාමාබාද් වෙත පැමිණීමට නියමිතව ඇත .
ඒ අනුව හෙට [21] දින අවසන් වීමට නියමිත සති දෙකක තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීම සහ කලාපීය ස්ථාවරත්වය ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඇමරිකාව සිය වරාය අවහිර කිරීම් (Blockade) ඉවත් කළ යුතු බව පවසමින් ඉරානය තවමත් සිය නියෝජිතයන් එවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් සහ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය සහ අනෙකුත් කලාපීය රටවල් සමඟ දැඩි සාකච්ඡාවල නිරත වෙමින් සිටිති.
පළමු වටයේ සාකච්ඡා අප්‍රේල් 11 සහ 12 දිනවල ඉස්ලාමාබාද්හිදී පැවති නමුත් එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

