Latestදේශීය

මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු භික්ෂූන් 22 මැයි 12 දක්වා බන්ධනාගාරයට

කෝටි 110ක් වටිනා කුෂ් සහ හැෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට රැගෙන එමට උත්සාහ කිරිමේදි ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබු භිෂූන්වහන්සේලා 22 නම සම්බන්ධ නඩුව අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය . එහිදී රඳවගෙන ප්‍රශ්ණ කරන ලද එම භික්ෂූන් වනසේලා 22 නම සහ මෙරට රැඳී සිටි අඟුණකොළේ අමිත නැමති භික්ෂුව නැවත මැයි මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරනය නියෝග කළේය.

මෙරට සිට මෙම නඩුවේ සැකකරුවකු වන අගුණකොලේ අමිතානන්ද හාමුදුරුවෝ මෙහෙයවනු ලැබුවේ යැයි කියන අඹගස්මුල්ලේ පුන්‍යරතන නම් වු හික්ෂුවක් සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් උන්වහන්සේ සැඟව සිටින බවත් සඳහන් කළේ ය. එම භික්ෂුව මෙම නඩු වල 4 වන සැකකරු ලෙස නම් කරන ලෙසද සඳහන් කළේ ය.

තායිලන්තය බලා ගිය භික්ෂුන් වහන්සේලාට 22 ට නවාතැන් පහසුකම් සඳහා හෝටල් ලබා දි එරට සිට සිද්ධිය ⁣මෙහෙය වු බෙල්පිටියේ දම්මරක්කිත නෙහොත් දම්ම නැමැති භික්ෂුද අත්අඩංගුවට ගැනීමට සඳහා විමර්ශන සිදු කරන බවත්, උන්වහන්සේ නඩු සියල්ලේම 5 වන සැකකරු ලෙස නම් කරන බවද විමර්ශන නිලධාරී උප පොලිස් පරික්ෂක රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේය.

ඉකුත් අප්‍රේල් 25 වැනිදා මෙම භික්ෂූන්වහන්සේලා 22 දෙදෙනා ලංකාවට එන විට ගමන් මලු සකසා දී ඇත්තේද ඒ දම්ම නැමති භික්ෂුව බව ඔහු අධිකරණය හමුවේ සඳහන් කළේ ය

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *