වසර 750ක් පැරණි පුස්තකාලය
එංගලන්තයේ පැරණිතම පුස්තකාලවලින් එකක් වන එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි මර්ටන් විශ්වවිද්‍යාලයේ මර්ටන් විද්‍යාලයීය පුස්තකාලයට (Merton College Library) වසර 750ක් සපිරි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
1276 වසරේදී මෙය ආරම්භ වූ මෙම පුස්තකාලය ආරම්භයේ සිට අද දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මකවන වෙයි.
1276 දී කැන්ටබරිහි අගරදගුරුතුමා විසින් නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම විද්‍යාලයේ සාමාජිකයන් විසින් පොත් පරිත්‍යාග කළ යුතු බවයි. පුස්තකාලයේ ආරම්භය සිදු වූයේ එලෙසිනි.
අප්‍රේල් (24) වන දිනට මෙම පුස්තකාලයට වසර 750ක් සම්පූර්ණ වී තිබේ.
පුස්තකාලයේ ආරම්භය සහ වෙනස් වූ ආකාරය
වර්තමානයේ මෙන් පොත් රාක්ක නොතිබුණූ මෙම පුස්තකාලය මුල් කාල වකවානුවේදී පොත් තැන්පත් කර ඇත්තේ විශාල පෙට්ටියවලය.
පසුව, ඇතැම් පොත් පෙට්ටියෙන් පිටත මේස මත තබා ඒවා යකඩ දාමවලින් මේසයට සම්බන්ධ කරන ඇත.
1370 කාලයේදී පොත් තැන්පත් කිරීමට විශේෂ කාමරයක් ඉදි කරන ලදී.
බ්‍රිතාන්‍යයේ ප්‍රථම වතාවට පොත් රාක්කවල “සිරස් අතට” තැබීමේ ක්‍රමය හඳුන්වා දුන්නේ මෙම පුස්තකාලයයි.
වර්තමානය වන විට පොත් දාම භාවිතා කරන්නේ ප්‍රදර්ශනය සඳහා පමණි.
නමුත් එම පැරණි මධ්‍යකාලීන කාමරය සහ 13 වැනි සියවසේ භාවිතා කළ මුල් පෙට්ටිය අදටත් එහි දැකගත හැකි බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.
මෙහි ඇති සුවිශේෂීම කරුණ නම්, වසර 750ක් පුරා අදටත් විශ්වවිද්‍යාල සිසුන් මෙම ඓතිහාසික පුස්තකාල කාමරය අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කිරීමයි.
ලෝක ප්‍රසිද්ධ වූ මර්ටන් පුස්තකාලය
වික්ටෝරියානු යුගයේ සිටම මෙම පුස්තකාලය සංචාරකයන්ගේ ප්‍රියතම ස්ථානයක් වී තිබේ.
එහි ඇති වර්ණවත් වීදුරු ජෙලැක්ක (Stained-glass) සහ 15 වැනි සියවසේ මුද්‍රිත ‘The Canterbury Tales’ වැනි දුර්ලභ පොත්පත් නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙන බව කියවේ.
සුප්‍රසිද්ධ ලේඛිකාවන් මෙහි ඇති පැරණි ලී වහලය සහ එහි ඇති “පුරාණ දූවිලි සුවඳ” ගැන තම දිනපොත්වල පවා සටහන් කර ඇති බව සඳහන් වෙයි.
ඇතැම් පිරිස් මෙය “ලොව පැරණිතම පුස්තකාලය” ලෙස හැඳින්වීමට තරම් මෙය ප්‍රසිද්ධියට පත් වී තිබේ.

පුස්තකාලයේ අනාගතය සහ ඩිජිටල්කරණය
වර්තමානයේ පුස්තකාල ඩිජිටල් අවකාශයට පිවිසෙමින් තිබේ.
මර්ටන් පුස්තකාලයේ පැරණි අත්පිටපත් ද දැන් ඩිජිටල්කරණය කරමින් පවතින අතර, එමගින් ලොව ඕනෑම තැනක සිට ඒවා කියවීමට අවස්ථාව ලැබේ.
තාක්ෂණය දියුණු වුවත්, මිනිසුන් තවමත් පුස්තකාල වැනි භෞතික ස්ථානවලට පැමිණ අතීතය විඳගැනීමට කැමැත්තක් දක්වයි.
මර්ටන් පුස්තකාලයාධිපතිනිය පවසන්නේ මෙහි වැදගත්ම දේ එහි වයස නොව, වසර 750ක් තිස්සේ මිනිසුන් පොත් පරිත්‍යාග කරමින් සහ ඒවා රැකගනිමින් පවත්වාගෙන ආ “ප්‍රජා එකමුතුව” බවයි.
පොත් යනු වසර සිය ගණනක් පවතින වටිනා වස්තුවකි. ඒවා අතින් ලියූ අත්පිටපත් ලෙස පෙට්ටියක තිබුණත්, නැතිනම් අන්තර්ජාලයේ ඩිජිටල් පිටු ලෙස තිබුණත්, මිනිසා සහ දැනුම අතර ඇති බැඳීම නොවෙනස්ව පවතී.
ලොව පැරණිතම පුස්තකාල
මොරොක්කෝවේ ‘අල්-කරාවියින්’ (Al-Qarawiyyin) පුස්තකාලය සහ ඊජිප්තුවේ ‘සාන්ත කැතරින්’ (Saint Catherine’s) පූජාභූමියේ පුස්තකාලය ලොව පැරණිතම පුස්තකාලය වීමට සුදුසුකම් කියන බව විදෙස් වාර්තා වල සඳහන් වෙයි.
ගිනස් වාර්තාවලට අනුව පැරණිතම පුස්තකාලය වන්නේ සාන්ත කැතරින් පුස්තකාලයයි.

චීනයේ දුන්හුආන්ග් පුස්තකාල ලෙන (Dunhuang Library Cave) මෙය අත්පිටපත්වලින් පිරුණු රහසිගත කාමරයක් වූ අතර 11 වැනි සියවසේදී පමණ එය මුද්‍රා තබා වසා දමන ලදී.
සියවස් ගණනාවකට පසු, එනම් 1900 වසරේදී මෙය අහඹු ලෙස නැවත සොයා ගන්නා ලදී.
මෙහි ඇති විශේෂත්වය නම්, වසර 900ක් පමණ කාලයක් කිසිවෙකුගේ පරිශීලනයට ලක් නොවූවත්, එම පොත් සහ අත්පිටපත් ඉතා ආරක්ෂිතව එකම ස්ථානයක අඛණ්ඩව ගබඩා වී තිබීමයි.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

