Latestදේශීය

මුලතිව් වලින් මුහුදු ගිය දෙදෙනෙකු අතුරුදන්

මුලතිව්, කල්ලප්පාඩු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

අදාළ ධීවරයින් දෙදෙනා පසුගිය 02වැනිදා පෙරවරුවේ කල්ලපාඩු වෙරළ තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.

කෙසේ වෙතත් ඊයේ දිනය වන තුරුත් ඔවුන් නැවත ගොඩබිමට පැමිණ නොමැති බව අතුරුදන්වූ ධීවරයින්ගේ ඥාතීන් පවසයි.

මේ සම්බන්ධව ඥාතීන් විසින් නාවික හමුදාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ධීවරයින් එක්ව අදාළ මුහුදු ප්‍රදේශයේ ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුමක්ද දියත් කර ඇත.

එම සෝදිසි මෙහෙයුම් අසාර්ථක වී ඇති අතර අද දිනයේද නැවත සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *