යාල්දේවි අද සිට නැවතත් යාපනයට
කොළඹ කොටුව සහ යාපනය අතර ධාවනය වන “යාල් දේවි” දුම්රිය සේවාව අද (11) සිට නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
කොළඹ කොටුවෙන් උදේ 6.40 ට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය කන්කසන්තුරය වෙත පස්වරු 2.33 වන විට ළඟා වීමට නියමිත අතර කන්කසන්තුරයෙන් උදේ 10.30 ට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය කොළඹ කොටුව වෙත පස්වරු 7.03 වන විට ළඟා වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රකාශ කරයි.
කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා දිවෙන දුම්රිය සඳුදා,බදාදා, සිකුරාදා පමණක් ධාවනය වන අතර කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන දුම්රිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල දී පමණක් ධාවනය කෙරේ.
https://seatreservation.railway.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දුම්රියේ ආසන වෙන් කරගත හැකියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

