Latestදේශීය

සනත් නිශාන්තගේ රැස්ගත් ජගත් සමන්තට ලැබුණු තීන්දුව

අභා­ව­ප්‍රාප්ත හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහ­තාගේ සහෝ­ද­රයා වන ආර­ච්චි­ක­ට්ටුව ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති හා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හලා­වත සම සංවි­ධා­යක ජගත් සමන්ත මහතාට බර­ප­තළ වැඩ සහිත අවු­රුදු පහ හ­මා­රක සිර­ද­ඬු­ව­මක් හලා­වත මහා­ධි­ක­රණ විනි­සුරු නියෝමි වික්‍ර­ම­සේ­කර මහ­ත්මිය විසින් විසින් ඉකුත් 15 දා නියම කරනු ලැබු­වාය. එමෙන්ම රුපි­යල් ලක්ෂ 10 ක වන්දි­යක් හා රුපි­යල් එක්ලක්ෂ තිස් හය දහ­සක දඩ­යක් ද ගෙවන ලෙසත් එම ලක්ෂ 10ක වන්දි මුදල නොගෙ­වන්නේ නම් තවත් මාස 24ක සිර දඬු­ව­මක් ද අධි­ක­ර­ණය විසින් නියම කර ඇත.

2008 වර්ෂයේ 11.24 දින ආර­ච්චි­ක­ට්ටුව, කරු­ක්කු­ලිය, ජය­ති­ලි­නා­රම විහා­ර­ස්ථා­න­යේදී ආර­ච්චි­ක­ට්ටුව හිටපු ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යකු වන ධන­සේන සුර­සිංහ මහ­තාට පහර දී රාජ­කා­රි­යට බාධා කිරීම, නීති ­වි­රෝධි රැස්වී­මක සාමා­ජි­ක­යකු වීම, අඩ­න්තේ­ට්ටම් කිරීම ඇතුළු චෝදනා කීප­යක් සනත් නිශාන්ත හා ජගත් සමන්ත යන දෙදෙ­නාට එරෙ­හිව ඉදි­රි­පත් කර තිබිණි.

2017 සිට වසර නව­යක කාල­යක් මේ නඩුව හලා­වත මහා­ධි­ක­ර­ණයේ විභාග වූ අතර මෙහි පළමු චුදිත ලෙස නම් කර තිබුණේ හිටපු ඇමැ­ති­ව­ර­යකු වූ නැසී­ගිය සනත් නිශාන්ත මහ­තායි. දෙවැනි චුදිත ලෙස එව­කට ආර­ච්චි­ක­ට්ටුව ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ජගත් සමන්ත මහතා නම් කර තිබිණි.

එව­කට ආර­ච්චි­ක­ට්ටුව ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාව සිටි ධන­සේන සුර­සිංහ මහතා මාස­යක පමණ කාල­යක සිට ප්‍රදේ­ශයේ වැව් රක්ෂිත හා මාර්ග දෙපස වටිනා ගස් කපා ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක දහම් පාසල් ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි­කි­රී­මට කට­යුතු කරන බවට පිරි­සක් පැමි­ණිලි කර තිබේ. ඒ අනුව ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා හලා­වත

පොලී­සිය හා අඩවි වන නිල­ධා­රීන් රැගෙන විහා­ර­ස්ථා­න­යට ගොස් දැව තොගය මැනුම් කට­යුතු කිරී­මට යෑමේදී ආර­ච්චි­ක­ට්ටුව ප්‍රාදේ­ශීය සභාවේ එව­කට සභා­පති ජගත් සමන්ත මහතා ප්‍රධාන පිරි­සක් පැමිණ රාජ­කා­රි­යට බාධා කර ඇති අතර පසුව විහා­ර­ස්ථා­නයේ ඝාන්ටා­රය ගසා ප්‍රදේ­ශ­වා­සීන් විශාල ප්‍රමා­ණ­යක් කැඳවා ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාගේ හා අදාළ නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර ඇත. පසුව හිටපු අමාත්‍ය, එව­කට වයඹ පළාත් සභා මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැමිණ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාගේ කම්මු­ලට ගැසූ බවත් මේ නඩු­වේදී ඔප්පු වී තිබේ .

ධන­සේන සුර­සිංහ මහතා පසු­ගි­යදා (15) හලා­වත මහා­ධි­ක­ර­ණ­යේදී විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් කියා සිටියේ විශාල ජන­තා­වක් ඉදි­රියේ පහ­ර­දීම හේතු­වෙන් තමන් විශාල ලෙස ලැජ්ජා­වට හා පීඩ­න­ය­කට පත්වූ බවයි. මේ නිසා තමන් ඉන් පසු ස්ථාන මාරු­වක් ලැබ ගිය බව ද වැඩි­දු­ර­ටත් පැව­සීය .

මේ නඩුවේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් වර්ත­මාන කොළඹ අංක 05 මහා­ධි­ක­රණ විනි­සුරු නයෝමි වික්‍ර­ම­සේ­කර හලා­වත හිටපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය කියා සිටියේ රාජ්‍ය සේව­ක­ය­නට ස්වාධී­නව කට­යුතු කිරී­මට හැකි­යාව පැව­තිය යුතු බවයි. ඔවුන්ගේ රාජ­කා­රිය නිසි ලෙස කිරී­මට නොහැකි තත්ත්ව­යක් සිදු වනවා නම් එය ගැට­ලු­වක් බව ද ඇය පැව­සු­වාය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *