රනිල් රාජපක්ෂ තවත් හෙළිදරව් වෙයි
පසුගිය ආණ්ඩු පරිච්ඡේද තුළ දී බලය අවභාවිතා කරමින් මූල්‍ය අපරාධ සහ වෙනත් අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතු මඟහැර ගැනීම සඳහා රාජපක්ෂ පවුල සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ගෙන ගිය උපක්‍රම සියල්ල අවසන් වී ඇති බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටිය දී ගිය ලන්ඩන් සංචාරය සඳහා මහජන මුදල් වැය කිරීම සහ විශේෂයෙන් ම බැඳුම්කර කොල්ලය සිදු කරන අවස්ථාවේ මහ බැංකුව බාරව සිටි අමාත්‍යවරයා ලෙස බලය අයුතු ලෙස යෙදවීම සම්බන්ධයෙන් විමර්ශන වේගවත් වී තිබේ.
රාජපක්ෂ පවුල සිදු කරන ලද මූල්‍ය අපරාධ සහ වෙනත් අපරාධවලින් බේරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග ද අසාර්ථක වෙමින් පවතී. බැසිල් රාජපක්ෂට වරෙන්තු නිකුත් කිරීම, මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවීම, යෝෂිත රාජපක්ෂගේ වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව නඩු විභාගයට ගැනීම, ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුම් පිළිබඳව නඩුව ආදී මූල්‍ය අපරාධ විමර්ශනවලින් බේරීම සඳහා අනුගමන කළ ක්‍රියාමාර්ග සියල්ල ද අවසන් වී ඇත. පසුගිය සිකුරාදා රාජපක්ෂ පවුලේ සමීපතම නීතිඥයින් අදාළ කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කර ඇති බව වාර්තා වේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

