Latestදේශීය

තවදුරටත් අභිරහසක් වූ අරවින්දගේ නිවසේ CCTV

එයාර් බස් මිල දී ගැනීමේ මුවාවෙන් සිදු කළ මහා මූල්‍ය අපරාධය පිළිබඳව අධිකරණය ඉදිරියේ සාක්ෂි විභාග කරමින් සිටියදී අභිරහස් ලෙසින් මියගිය පත් වූ කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (26) වැඩි දුරටත් විමර්ශනය සිදු කෙරිණි.

එහිදී සාක්ෂි දුන් CCTV යන්ත්‍ර සවි කළ සමාගමේ හේමන්ත සමන් කුමාර ප්‍රකාශ කර තිබෙන්නේ එම කැමරා පද්ධතියේ රෙකෝඩින් හොඳින් ක්‍රියාත්මක වූ බව ය. 2024 දී සවි කළ එම පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙන බව නිවැසියන්ට තහවුරු කළ බවත්, හේමන්ත සමන් කුමාර අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. 2021 දී කැමරා 4ක් සවි කළ අතර, 2024 දී එය කැමරා 5ක් දක්වා වැඩි කළ බව ද ඔහු සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත. එමෙන් ම, අලුතින් මොනිටර් යන්ත්‍රයක් ද ආදේශ කළ බව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙසේ තිබියදී එම දර්ශන පටිගත නොවූයේ මන්දැයි බලවත් ප්‍රශ්නයක් ඉතිරි වී තිබේ. වැඩි දුර සාක්ෂි විමසීම් ලබන 29 දිනට කල් තබනු ලැබීය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *