Latestදේශීය

කස්සපලාගේ කලබලය සහ විහාර දේවාලගම් පනත් සංශෝධනය

ජාතික වෙසක් උත්සවය ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයට සහභාගී වූ අති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ ඉල්ලීමක් අනුව විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වන වගන්ති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

එම පනතේ 42 වන වගන්තිය බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු කණ්ඩායමකට ඍජුව ම බලපාන්නක් බවට සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. එම වගන්තියෙන් කියවෙන්නේ භික්ෂූන් වහන්සේලා ලෙසින් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින්ට අදාළ දඬුවම් පිළිබඳව ය. එම වගන්තියේ කොටස් උපුටා ගෙන පහත දැක්වේ.

“උපසම්පදා භික්ෂූන්ගේ ලේඛනයේ තම නම නැති නම් යම් කෙනෙක් උපසම්පන්න භික්ෂුවක් ලෙස පෙනී සිටීනම් හෝ සාමනේර භික්ෂුන්ගේ ලේඛනයේ තම නම නැතිනම් යම් කෙනෙක් සාමනේර භික්ෂුවක් ලෙස පෙනී සිටී නම් එවැනි අය නීති විරෝධී ක්‍රියාවක් කිරීම පිළිබඳව වැරදිකරුවෙකු වේ.” යනුවෙන් සඳහන් ය.

බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිසක් ආරන්‍යවාසී සහ වනවාසී බව හඟවමින් විවිධ අන්තවාදී කටයුතු සිදු කිරීම මෙම වගන්ති බලාත්මක කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *