මීටර් 1500 රන් පදක්කම ජයගත් තරුෂි අභිෂේකා
මේ දිනවල දී හොංකොංවල පැවැත්වෙන ආසියානු යොවුන් මළල ක්රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ධාවන තරඟයේ රන් පදක්කම විශ්මිත ආකාරයකින් ලබා ගැනීමට ශ්රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්වූවාය.
තරඟය ආරම්භයේ සිට තත්පර 90ක් පමණ යන තුරු පෙරමුණේ ම සිටි තරුෂි පසුව 6 වෙනි ස්ථානයට පසු බැස්සාය. ඉන් අනතුරුව, අවසන් විනාඩිය තුළ දී ඇය සිය උපරිම දක්ෂතා දක්වමින් තරඟ කළ අතර, විනාඩි 4 තත්පර 31ක දී දෙවන තරඟකාරියට විශාල පරතරයක් තබා ජයග්රහණය ලබා ගැනීමට සමත් වූවාය.
එම වීඩියෝව පහතින් දැක්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

