Latestදේශීය

මෙගාවොට් 300 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති ක්‍රියාවලිය සඳහා බැටරි ගබඩාකරණය මත පමණක් විශ්වාසය තැබිය නොහැකි බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පවසයි.

ඒ සඳහා ජාතික සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රධාන සංවර්ධන කටයුතු සමඟ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති තවදුරටත් පුළුල් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

බැටරියක් යනු හුදෙක් මාධ්‍යයක් පමණක් බැවින් රටට වඩා වැඩි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රමාණයක් අවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට රජය විසින් මෙගාවොට් 300ක පමණ සුළං බලශක්ති ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත්, මන්නාරම ප්‍රදේශයට ඒ සඳහා අවශ්‍ය සුළං ටර්බයින කොටස් මේ වන විටත් ලැබෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව මන්නාරමේ මෙගාවොට් 50ක ව්‍යාපෘතියක් සහ මුල්ලික්කුලම් ප්‍රදේශයේ මෙගාවොට් 50 බැගින් වූ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියේය.

මීට අමතරව වහල මත සවිකරන සහ භූමිය මත ඉදිවන සූර්ය පැනල ව්‍යාපෘතිවලට අමතරව, ජලාශ්‍රිතව පාවෙන සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම පිළිබඳව ද මේ වන විට අධ්‍යයන කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *