Latestදේශීය

සරණට බරපතල වැඩ සහිත සිරදඬුවම්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාතය සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කරයි.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩු හතර ගොනු කර තිබුණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *