පාඩු ලබන ලංගම ඩිපෝ ලාභ ලබන තත්ත්වයට පත්කරන හැටි ප්‍රසන්න ගුණසේන කියයි
පාඩු ලබන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංකා ලංගම) අයත් ඩිපෝවල බස්රථ ධාවනය විධිමත් කර, ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අද දින පාර්ලිමේන්තු සභා වාරයේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එවැනි පාඩු ලබන ඩිපෝවල පවතින මූල්‍ය අර්බුද මඟහරවා ගනිමින් බස්රථ ධාවනය අඛණ්ඩව කරගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 2000ක (බිලියන 2ක) මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

