Latestදේශීය

මුහුදු යන්න එපා

කන්කසන්තුරේ, මන්නාරම, පුත්තලම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා සහ සාම්ප්‍රදායික යාත්‍රා හිමිකරුවන්ට නැවත දැනුම් දෙන තුරු රැකියාව සඳහා මුහුදු යෑමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දිවයින වටා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා මුහුද රළු වීම හේතුවෙන් ධීවරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කන්කසන්තුරය, යාපනය, මන්නාරම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුදු රළ ඉතා ඉහළ මට්ටමකට එසවීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

මීට අමතරව හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය වැඩිවීමේ හා රළ ඉහළ යෑමේ අවදානමක් පවතී.

එම ප්‍රදේශවල රැකියාවේ නිරත වන ධීවරයන් මුහුදු යෑමට පෙර පවතින තත්ත්වය පිළිබඳව මනා ලෙස සැලකිලිමත් විය යුතුයි. ආරක්ෂිතව රැකියාව කළ හැකි යෝග්‍ය තත්ත්වයක් පවතී නම් පමණක් ධීවර කටයුතුවල නිරත වන ලෙසත්, අවදානම් අවස්ථාවලදී රැකියාවෙන් බැහැර වන ලෙසත් දැනුම් දෙයි.
@දිනමිණ 

එසේම සමස්ත ධීවර ප්‍රජාවම Òධීවර රැකියාව සඳහා පිටත්ව යාමේ සිට, මුහුදේ රැකියාවේ නිරත වන කාලය සහ නැවත ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන තෙක් සම්පූර්ණ කාලය පුරාවටම ‘ජීවිතාරක්ෂක කබා’ (Life Jackets) පැලඳ සිටීම අනිවාර්ය කර තිබේ. පසුගිය කාලසීමාව තුළ සිදු වූ අනතුරුවලදී ජීවිතාරක්ෂක කබා නිසි පරිදි පැලඳ සිටි ධීවරයන්ගේ ජීවිත සුරක්ෂිත වූ අතර, එසේ නොකළ පිරිස්වලට සිය වටිනා ජීවිත අහිමි වූ බව නිරන්තරයෙන් සිහිතබා ගන්නා ලෙස ද ඒ මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ධීවර දෙපාර්තමේන්තුව මඟින් වරින් වර නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂා කරගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *