Latestදේශීය

ශෂින්ද්‍රට අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ගොනු කර ඇති අතර, නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබේ. එමෙන්ම නඩු භාණ්ඩ ලෙස ලේඛන 38ක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිචෝදනා අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 මැයි 09 දින ඇති වූ අරගලයේදී හානියට පත්ව ඇති අතර එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදීත්, හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට නිල බලය භාවිත කරමින් බලපෑම් එල්ල කර, රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබා ගැනීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *