Latestදේශීය

විජේදාසගේ නිවසේදීත් ගනුදෙනුවක් කරලා

රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් `හරක්කටා’ වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 50ක් අල්ලස් ඉල්ලා රුපියල් කෝටි 20කට අඩු කර ඉන් රුපියල් කෝටි 12ක අත්තාකරම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ලසන්ත මංජුල සිල්වා නැමති පුද්ගලයාට නැවත රුපියල් ලක්ෂ 200ක මුදල ලබා දී ඇත්තේ නුගේගොඩ, නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි බවත් එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවත් විමර්ශකයින් අනාවරණය කරගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම අනාවරණය කර තිබේ.

මෙම අල්ලස් මුදල ලබා ගැනීම සදහා හිටපු අධිකරණ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා ඩුබායිවෙත ගිය අවස්ථාවේදි හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද ඩුබායිවල රැඳී සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අධිකරණය හමුවේ අනාවරණය කර ඇත.

ඒ අනුව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙම සිද්ධියට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඇය අධිකරණයේදී අනාවරණය කර තිබේ.

විජේදාස රාජපක්ෂ 23/03/21 සිට 23/03/28 දක්වා ඩුබායි රටේ රැඳි සිට තිබෙන බව ආගමන විගමන තොරතුරුවලින්ද තහවුරු වී ඇත බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම වැඩිදුරටත් අනාවරණය කර ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *