Latestදේශීය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත. 

ඒ අනුව අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් 4,465ක් වේ. 

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792කි. 

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 835ක් දක්වා පහත දමා ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *