සලේ පසුපසට යෝෂිත ඉදිරියට
දශක තුනකට ආසන්න කාලයක් හමුදා සේවයේ යෙදී සිටිමින් මෙරට බුද්ධි අංශ ප්රධානි ලෙස ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පත් කර සිටි සුරේෂ් සලේට වඩා යෝෂිත රාජපක්ෂ ඍජුව කටයුතු කළ බව තහවුරු වී ඇත.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විධිමත් අධිකරණ ක්රියාමාර්ග ගැනෙමින් තිබෙන අතර, සුරේෂ් සලේ එම විමර්ශනවලට මුහුණ නොදී බියගුලු උපක්රම අනුගමනය කරමින් සිටී. සුරේෂ් සලේගේ බිරිඳ සහ පුත්රයා යොදා ගනිමින් අනුකම්පාව දිනා ගැනීමේ ප්රචාර දියත් කිරීම, බංකොලොත් කණ්ඩායම් උද්ඝෝෂණ පැවැත්වීමට උත්සාහ කිරීම සහ සුරේෂ් සලේම ඉදිරිපත් වී මාරාන්තික උපවාස කරන බව ප්රචාරය කිරීම වැනි බියගුලු උපක්රම දියත් කර තිබිණි.
එම ක්රියාමාර්ගවලින් ඉල්ලන ලද කොන්දේසි කිසිවක් ලබා ගැනීමට නොහැකිව සුරේෂ් සලේ මේ වනවිට උපවාසය අත්හැර ආහාර ගැනීම ආරම්භ කර තිබේ. එහෙත්, නාවික හමුදාවේ කිසිදු නිසි පුහුණුවක් නොලද යෝෂිත රාජපක්ෂ තනිව අධිකරණ ක්රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටීම පිළිබඳව විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

