Latestදේශීය

දේපළ ක්‍රියා විරහිත කරයි

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ට්‍රැක්ටර් රථයක් සහ මූල්‍ය ආයතනයක ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 10ක මුදලක් දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුවය.

අදාළ සැකකරුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව, 2026 ජූලි 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07ක කාලයක් සඳහා මෙම දේපල සහ ආයෝජන ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම ජාවාරම සහ ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *